සාර්ථකව නිමකෙරුනු මේ වැඩමුලුවේ පලමු සැසිය ගැන මෙතනින් විස්තර දැනගන්න. අපේ ලිවීමේ අභ්‍යාසයට ඔබේ ප්‍රතිචාර එවන්න දැන් පුලුවන්.
More about our concluded ‘Come with your dreams’ session can be read in Sinhala, here. Now you can send in your submissions to the writing exercise (given in English too).
නාට්‍යමය සංවාද ගොඩනගන්න සාමූහික වැඩබිමක්.
2024 දෙසැම්බර් 21, සෙනසුරාදා
පෙ.ව. 9.30 – ප.ව. 5.00
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී.
මෙහෙයවීම: පියල් කාරියවසම්
විවිධ පර්යේශනාත්මක රචනා ශෛලීන් යොදා ගනිමින් කන්ඩායම් වශයෙන් එක්ව කෙරෙන ලිවීමේ ක්‍රියාදාමයකට එක්වීමට කැමති සීමිත රචක පිරිසකට මේ අවස්ථාව විවෘතයි.


Come with your dreams!
A collective exercise to create theatrical dialogue
Conducted by Piyal Kariyawasam
Saturday, 21 December 2024
9.30 a.m. – 5.00 p.m.
@ University of the Visual and Performing Arts
පැන-පිලිතුරු
වැඩමුලුවේ ස්වභාවය මොකද්ද?
ඔගස්ටෝ බොවාල්ගේ (Augusto Boal) රචනා ශෛලීන් වගේම, සිහින මුල්කරගත්, සහ ජීවිත අත්දැකීම් මුල්කරගත් රචනා ශෛලීන් යොදා ගෙන, කන්ඩායම් හැටියට වගේම තනිතනිවත් නාට්‍ය රචනයට යොමුවෙන හැටි ගවේශනය කරමින් දවස පුරා වැඩ කරන්නයි අපේ ලෑස්තිය. අවශ්‍ය විදියට වීඩියෝ, චිත්‍රපට, පුවත්පත් වගේ දේවල් යොදාගන්නත් අපි බලාපොරොත්තුවෙනවා.
සහභාගි වෙන්නේ කවුද?
විශ්වවිද්‍යාල සිසුන් සහ නාට්‍ය රචනය ගැන උනන්දුවක් දක්වන, එයට අදාල කන්ඩායම් වැඩවලට සහභාගිවෙන්න කැමති ඕනම කෙනෙක්ට මෙය විවෘතයි.
සහභාගි වෙන අයගේ දායකත්වය මොකක්ද?
රචනයේ යෙදෙන්න හා කණ්ඩායම් වැඩ කරන්න සූදානම් වෙලා එන්න ඕන. එදිනට අවශ්‍ය ආහාරපාන සහභාගිවන්නන් විසින් සම්පාදනය කරගන්න ඕන.
වැඩමුලුවට සහභාගිවෙන්න මුදල් අයකරනවද?
නැහැ.
වැඩමුලුවට තෝරාගැනීම ගැන දැනුම් දෙන්නේ කොහොමද?
ලියාපදිංචිවීමේදී භාවිතා කල ඊමේල් ලිපිනය ඔස්සේ වැඩසටහනට තෝරාගැනීම පිලිබඳ මූලික දැනුම්දීම සිද්ධ වෙනවා.