කතාන්දර කියන්න, ලියන්න, ඒවා නිර්මානාත්මක අවකාශයක සංරචනය කරමින් ගොඩනගන්න, කතා කියන්නෝ සාමූහිකය ආවේශය සපයනවා.
විවිධ සමාජ කන්ඩායම් සහ ක්‍රියාකාරී ප්‍රේක්ශක සමූහයා සතු තොරතුරු සහ සිද්ධි බෙදාහදා ගනිමින් පිරිපහදු කර ගනිමින් ඒවා කතන්දර වලට පෙරලන්න අපි සාමූහිකව ක්‍රියාකාරී වෙනවා.
වේදිකාව, ප්‍රබන්ධ රචනය, සංස්කරනය, පරිවර්තනය, ගුවන්විදුලි සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය නිර්මාන, ඡායාරූපකරනය වගේ ක්ශේත්‍ර ගනනාවක අපි වැඩකටයුතු කරල තියෙනවා වගේම කරමින් ඉන්නවා. අපි කතාන්දර වගේම නාට්‍ය නිර්මානකරන වැඩමුලු පවත්වනවා. කතා කියන්නෝ සාමූහිකය 2017 ආරම්භ කරන්න මුල් වුනු ව්‍යාපෘතියක් තමයි සීවලී කතා කවය.
පහුගිය අවුරුදු කීපය තුල අපි විවිධ කටයුතු වලට සම්බන්ධ වුනා. 2024 දෙසැම්බර් මාසේ ‘ඔබේ සිහින අරන් එන්න!’ නාට්‍යමය සංවාද ගොඩනගන සාමූහික වැඩබිමේ පලමු පියවර දියත් කලා. ඒකෙ ඊලඟ පියවරක් වන නිර්මානාත්මක රචනා අභ්‍යාසයකට ඔබටත් සම්බන්ධවෙන්න පුලුවන්.
අපේ වැඩ කටයුතු ගැන ඔබේ අදහස් පල කරන්න, තොරතුරු ලබාගන්න, හෝ එකතු වෙලා වැඩ කරන්න කැමති නම් අපට ලියන්න.
අපේ ඊමේල් ලිපිනය:
tell.us@kathakiyanno.org
අපේ Facebook පිටුව:
facebook.com/KathaKiyanno
මේ වෙබ් අඩවියේ සිංහල මූර්ධජ අකුරු භාවිත නොවන අතර කට බසේ වියරනය ලිවීම සඳහා යොදාගැනෙනවා. එහෙත් වෙනත් ලේඛකයින්ගෙන් උපුටාගැනෙන විටත්, පුද්ගල නාම හා වෙනත් නාම සඳහන් කෙරෙන විටත් ඒ ඒ කතුවරුන්ගේ හෝ ආයතන සම්බන්ධයෙන් සම්මතව ඇති අක්ශර වින්‍යාසය අනුගමනය කෙරෙනවා.