Seevali Katha Kavaya (Story Circle) in English
කතා කියන්නෝ සාමූහිකයේ
මුල් ව්‍යාපෘතියක් වුනේ වනාතමුල්ල සීවලී ශාඛා මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියගේ දායකත්වය ඇතිව පටන්ගත්ත කතන්දර බෙදාහදා ගැනීමේ වැඩමුලුව. ඒ කියන්නේ සීවලී කතා කවය.
නාට්‍යයේ පුහුනුවීම් අවස්ථාවක්
2017 අගෝස්තු මාසෙ ඉඳල සීවලී ශාඛා පුස්තකාලෙදි අපි හමු වුනා. කතාන්දර කියවීමෙන් අපේ සම්බන්ධකම් වැඩි දියුනු කරන අතරම, අපේ ප්‍රශ්නවලට විසදුම් හොයන හැටි ගවේශනය කරන්නත්, මේ වැඩමුලුව ඔස්සේ අපි යොමු වුනා. ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරමින්, සීවලී කතා කවයේ පලමු ව්‍යායාමය හැටියට ‘අරුම පුදුම පැණි වළලු’ නාට්‍ය ඉදිරිපත් කෙරුනේ සීවලී ශාඛා පුස්තකාලයේ මිදුලේ ඉදි කරපු එලිමහන් රංග වේදිකාවේ. ඒ නාට්‍යයේ පොඩි ලමයි වගේම වැඩිහිටියොත් රඟපෑවා. ඒ වැඩිහිටියෝ සමහරක් කිව්වා, ඒගොල්ලෝ වේදිකාවේ රඟපෑව පළමු වතාව විතරක් නෙවේ, ලමයි එක්ක එකට රඟපෑව පලමු වතාව කියලා. ඒක ඒගොල්ලන්ට ගොඩක් වෙනස් අත්දැකීමක් වුනා.
කතාන්දර ලියන වැඩමුලුව අපි සෑහෙන කාලයක් සීවලී ශාඛා පුස්තකාලයේ පවත්වාගෙන ගියා. අපි ඒක පටන්ගත්තේ වැඩිහිටියෝ මුල්කරගෙන වුනාට, ආච්චිල සීයල එක්ක ආව මුනුපුරු මිනිපිරියෝ වගේම, මැදිවියේ පිරිසත්, තරුන පිරිසත්, අවට ඉන්න පාසැල් ලමයි ගොඩකුත් ඒකට දිගටම සහභාගි වුනා.
තමන්ගෙ ප්‍රදේශයේ ඉතිහාසය වගේම අපේ වර්තමාන ප්‍රශ්න ගැන කතා කරන්නත් ඒ වැඩමුලුව අපි ඔක්කොටම හොඳ අවස්ථාවක් ඇති කරලා දුන්නා.
කතන්දර ලිවීම මගින් ප්‍රාදේශීය පොදු මතක සහ ඉතිහාස ගවේශනය කිරීම
වැඩිහිටියන් සමග වැඩ කරන අතර, ලමුන් සහ තරුන පිරිස් එක් කිරීමේ ක්‍රියාකාරකමක්
“කෑම හොයාගෙන අපි යන්නේ
පොළොවට ඩිංගක් වත් රිදවන්නැති
ගමනක් අපි හිමිහිට යන්නේ
බිස්කට්, චොකලට් කුඩු අහුලාගෙන
බත් ඇට, වී ඇට කුඩු අහුලාගෙන
හෙමින් හෙමින් පාවී යන්නේ”
– අරුම පුදුම පැණි වළලු නාට්‍යයෙන්
ඉදිරිපත් කිරීමකට පෙර රචනා අභ්‍යාසයක යෙදෙමින්