This is a short note on the successfully concluded ‘Come with your dreams!’ workshop aiming to engage in collective exercises to create theatrical dialogue. Our writing exercise is now open for submissions.
‘ඔබේ සිහින අරන් එන්න’ වැඩමුලුවේ පලමු සැසිය පසුගියදා පැවැත්වුනා. ඒ තුලින් කලාව, සමාජය, සහ ලිවීම තුලින් කලාත්මක ප්රකාශනය වගේ කාරනා ගනනාවක් ගවේශනය කෙරුනා. කතා ගොතන විධි ගැන විවිධ සංවාද ඇති වුනා.
ඔගස්ටෝ බොවාල්ගේ (Augusto Boal) රචනා ශෛලීන් වගේම, සිහින මුල්කරගත්, සහ ජීවිත අත්දැකීම් මුල්කරගත් රචනා ශෛලීන් යොදා ගෙන, කන්ඩායම් හැටියට වගේම තනිතනිවත් නාට්‍ය රචනයට යොමුවෙන හැටි ගවේශනය කරන්න අපි යොමු වුනා.
ජන සමාජයේ සංසරනය වෙන එදිනෙදා තොරතුරු යොදාගෙන විවිධ අර්ථ මතුවෙන ආකාරයෙන් හිතන්න, රචනා තාක්ශනික උපක්‍රම යොදාගත්තා. ඒවගේම පාසැල් යන කාලෙ ඉඳල අපි ඉගෙනගත්ත සමහර දේ ප්‍රශ්න කරන්නත් ඒ දිහා අලුතින් බලන්නත් මේ අනුව අපට පුලුවන් වුනා.
ඒ අතරේ, විසඳිය යුතු ගැටලු, යම් විදියකට පීඩන කොන්දේසි, සහ හැඟීම් අතර ඝට්ටනය නිර්මානාත්මක රචනයේදි වැදගත් වෙනවා. මේ වැඩමුලුව ඇතුලෙ ගවේශනය කල තවත් දෙයක් ඒක. මේ විදියට මූලික වශයෙන් ලියවුනු රචනා සහ සංවාද තව ඉස්සරහට ගෙනියන්න යම් මගපෙන්වීමක් මේ වැඩමුලුව ඇතුලෙ අවසාන වශයෙන් සිද්ධ කෙරුනා.
සහභාගිවූවන්ගේ ප්‍රතිචාර:
අද දින, මින් පෙර සිදුනොකල ආකාරයේ අභ්‍යාස සිදුකෙරුනා. මේ ක්‍රියාකාරකම් සඳහා එකමුතුවක් නිර්මානය කරන්නැයි ඉල්ලීමක්… – ජනිත
ලිවීමේ, කියවීමේ වටිනාකම තේරුම් ගනිමින්, නව ලිවීමේ ප්රවනතා දියුනු කරගන්න උදව් වුනා. – යෙෂානි
රචනය යනු කුමක්ද? එය කරන්නේ කෙසේද? නාට්‍ය රචනය ගොඩනැගෙන්නේ කොහොමද? … පත්තර වල නිවුස් එකක් සෞන්දර්යාත්මක විදියට දකින්නේ කොහොමද? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා. – මධුශංඛ
කාලය අතිශයින් පලදායීව භාවිතා වුනා… මේ ක්‍රියාවලියේ අඛන්ඩතාව අපේක්ශා කරනවා. – රුවිත්
මාගේ ගමන් මගෙහි නව ඇරඹුමක් වුනා… දිගින් දිගටම මම මෙයට සම්බන්ධ වෙමි. – අනුර
ලිවීමේ අභ්‍යසයක්:
හැමෝටම විවෘත අභ්‍යාසයක් මෙන්න. ඔබේ ප්‍රතිචාර අපට එවන්න.
Leave a Reply